Thursday, 28 July 2022

ජන කතා


 


    රටක අතීතය හා සංස්කෘතිය පිළිබිඹු කරන විවිධ අංග රාශියක් ඇත.  පොත පත පුරාවිද්‍යාත්මක නටඹුන්  මින් සමහරකි.  කලින් කල දැන සිටි කරුණු තහවුරු කිරීමට මෙන්ම නව තොරතුරු අනාවරණය කර ගැනීමට මේ පිළිබඳ ගවේෂණය ප්‍රයෝජනවත් වේ.  බොහෝ ජාතීන්ගේ පැරණි පොත පත පුරා විද්‍යාත්මක නෂ්ටාවශේෂ ආදිය පරීක්ෂාවෙන් ප්‍රධාන වශයෙන් හෙළිවනුයේ සමාජයේ එක් අංශයක් පිළිබඳව තොරතුරු පමණකි. 

      එකල උසස් යැයි සම්මතව තිබූ සමාජ පිළිබඳව කරුණු මෙහිදී අනාවරණය වේ.  එහෙත් සාමාන්‍ය මිනිසා හා පොදු සමාජය පිළිබඳව හෙළිවන කරුණු අල්පය.  මේ සඳහා විශේෂයෙන් උපයෝගී වන්නේ ඇදහීම, විශ්වාස, ජන කවි, ජන කතා වැනි පොදු සමාජයේ සාමාන්‍ය මිනිසුන් අතර පැවති දේවල්ය.  සමාජයක අවිච්ඡින්න ලෙස වැසී ගිය සංස්කෘතික අංග වන මේවා ඒ ඒ යුග පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා ගැනීමට බෙහෙවින් ඉවහල් වේ.  ලිඛිත සාහිත්‍යට අන්තර්ගත නොවන බොහෝ කරුණු ජන කතා මාර්ගයෙන් හෙළිකර ගැනීමට විද්‍යාඥයින්ට හැකි වී තිබේ.

           ලෝකයේ සෑම රටකම සෑම  ජාතියක් අතරම ජන කතා පැතිර තිබේ.  පුරාණ කාලවලදී මිනිසුන් අතර පැවති  විශ්වාසය හා අදහස් පදනම් කරගෙන පසුව රසවත් කතා බවට පත් කරගෙන ඇති ජන කතාද කිසියම් සමාජ කාර්යයක් ඉටු කර ගැනීමට යොදාගත් උපක්‍රමයක් වශයෙන් සැලකිය හැකිය.  ජනතාවට විනෝදය ලබාදීමත්,  සමාජ ජීවිතයේදී අවශ්‍ය නොයෙක් දැනුම් සම්භාරයක් ලබාදීමත්, සමාජයේ පැවති දුබලතාවන් සියුම් ලෙස උපහාසයට ලක්කර සමාජය සමගම හැඩ ගැසීමෙන් එයින් ඉටු වූ ප්‍රධාන කාර්යයක් වශයෙන් සැලකිය හැකිය.

         එදා පැවති සමාජ හා ආර්ථික පරිසරය තුළින්  බලන විට අද මෙන් ප්‍රබල ජනමාධ්‍යක් නොතිබුණු යුගයක පොදු ජනතාවගේ අත්දැකීම් තුළින් පොදු ජනතාව වෙත පොදු ජනතාව විසින් පොදු ජනතාව උදෙසා නිපදවා ඇති ජන කතාව එම සමාජයේ මානසික, චිත්තවේගික හා සමාජික සංවර්ධනයක් සඳහා අවශ්‍ය දැනීම්, අත්දැකීම් පරම්පරාවෙන් පරම්පරාවට විසුරුවා හැරීමට උපකාරී වූ ප්‍රධාන අධ්‍යාපන මාර්ගයක් වශයෙන් ක්‍රියාකර ඇති බව පැහැදිලිව පෙනෙන කරුණකි.  පෞද්ගලික හා සමාජ ජීවිතයට අවශ්‍ය විවිධ දේ පිළිබඳ දැනීම් ජනතාව තුළ ප්‍රවාහය කිරීමටද ජනකතා වැනි ජනශ්‍රැතිකාංග යොදාගෙන ඇති බව සිතා ගත හැක.

      ඒ අනුව 'ජන කතාව' යනු කටවචනින් හෝ ලිඛිතව හෝ දැකීමෙන් හෝ වෙනත් අයුරකින් සාම්ප්‍රදායිකව පැවත එන කතාවකි.  උදාහරණයක් වශයෙන් පංචතන්ත්‍රය, හිතෝපදේශය, ජාතක කතාව, අරාබි නිසොල්ලාසය හෝ සින්ඩරෙල්ලා සඳහන් කළ හැකිය.  ජන කතාව ජාත්‍යන්තර සන්නිවේදන මාධ්‍යයක් ලෙසද සලකනු ලබයි.  ඒ ඒ රටට ආවේණික ව උපන් ජනජන කතා තුළින් එකී රටේ, පළතේ මානවයින්ගෙජීවිතවල හරස් පැතිකඩක් පිළිබිඹු වන බව පෙන්වා දිය හැක.  ජන කතා කතන්දර විශේෂයක් වන බවත් එහි මුල, මැද අග මනාව සැකසී ඇති ආකාරයත් හඳුනාගත හැකිය.  එසෙම කුතුහලය මුල් කරගෙන මෙම සිද්ධි දිග හැරෙන අතර බොහෝවිට එය තියුණු කිරීම උදෙසා අධි අස්වාභාවික චරිත හෝ අද්භූත සිද්ධි  එකතු කිරීම සාමාන්‍ය සිරිතය..





ජනශ්‍රැතියේ විශේෂ ලක්ෂණ..


ජනශ්‍රැති පිළිබඳ අධ්‍යනය කිරීමේදී හඳුනාගත හැකි විශේෂ ලක්ෂණ කිහිපයක් පහතින් දැක්විය හැක.

 

·       මුඛ පරම්පරාගතව පැවත ඒම නැතිනම් ජනශ්‍රැති ලේඛනගත නොවීම.

·      ජනතාව පදනම් කර කරගනිමින් නිර්මාණය වූවකි.

· ජනශ්‍රැතිය පොදු ජනයා විසින් නිපදවූ වුවත් ඔවුන් කෙරෙහිද බලපාන සංස්කෘතික අංගයක් වීම.

·      ජනශ්‍රැති කර්තෘ අඥාත වීම.

·       පෞරාණික බව ඊට ම ආවේණික තවත් ලක්ෂණයකි.

·   ජනශ්‍රැතිකාංගයක උපත කෙදිනක සිදු වූයේ එය ආරම්භ වූයේ කොතැනක ද යන්න පිළිතුරක් නොමැති ගැටලුවකි.   



ජනශ්‍රැති අධ්‍යනය.

 



ජනශ්‍රැතිය වනාහි සෑම මිනිස් ජාතියකට ආවේණික වූ ජාතියට අයත් ඇති පෞරාණික සංස්කෘතික උරුමයයි.  දායාදය ජන ව්‍යවහාරයෙන් ලැබූ අත්දැකීම් ඇසීමෙන් එක්රැස් කරගත් දැනුම් හා භාවිතයෙන් අඩු වැඩි වී ඔපලත් අප ජාතික වස්තුවකි. එය ජාතික සංස්කෘතියෙහි විශේෂ ලක්ෂණයකි. මේ නිසාම ජනශ්‍රැතිය මගින් රටකි ඉතිහාසය මනාව හඳුනාගත හැකි බව විද්වතුන් විසින් පෙන්වා දී ඇත. මේ පිළිබඳ1853 දී පෝලන්තය හා අවට රටවල පැතිර පැවති පුරාවෘත්ත පිළිබඳව පර්යේෂණයක යෙදුනු ලී ( Lee ) නම් ඉංග්‍රීසි ලේඛකයා අදහස් දක්වා ඇත. මේ ලේඛකයා පවසන පරිදි රටක ඉපැරණි ඉතිහාසය සොයා යා හැක්කේ රටේ පවතින ජනකතා හා පෞරාණික කෘතීන් ඔස්සේ වන බවයි .

 “ It is only through dismits of fable and legend that early history of a county is traceable “ (1990, 25 )

    ජනශ්‍රැතිය පොදු ජනයා විසින් නිපදවූ වුවද ඔවුන් කෙරෙහි බලපාන සංස්කෘතිකක අංගයකි. එය පොදු ජනයාගේ විශ්වකෝෂය සමාන කළ හැකිය. එය ලිඛිත යුගයට පෙර මිනිසා සම්මත කළ හා ව්‍යවහාර කළ කරුණු අඩංගු ආචාරධර්ම සංග්‍රහයකි. ගැමි ජීවිතය ශික්ෂණය කළ සදාචාර පද්ධතියට ඇතුලත් නොවූ දර්ශනයක්, චින්තනයක්, ආකල්පයක් ගැන සිතිය නොහැක. වැනි කරුණු ඉතාමත් සියුම් ලෙස ග්‍රාමීය පරිසරයට ගැළපෙන පරිදි සකස් වී තිබේ. එබැවින් ගැඹුරු ගාම්භීර දර්ශන හා චින්තන මෙහි නොමැත. ( අමරදාස, 1989 )

     ජනශ්‍රැතිය වශයෙන් අප විසින් භාවිත කරනු ලබන මේ වචනයේ අන්තර්ගත තේරුම අතිශයෙන් පුළුල්ය. ජනශැතිය මානව හා සමාජ විද්‍යා ක්ෂේත්‍ර තුළින් කළින් කළ එළියට ආ වචනයකි. ෆෝක් ලෝ යන්න එක්වචනයක් වශයෙනුත් වදන් දෙකක් වශයෙනුත්  ලියවෙනු කියවෙනු දැකගත හැකිය. ඉංග්‍රීසි භාෂාවේ දී Flok lore යන යෙදුම මුල්වරට සමාජගත කර ඇත්තේ 1846 ඩබ්.ජේ. තෝමස් (W.J. Thomas 1803 – 1885)  නමැති මානව විද්‍යාඥයා විසිනි. ඔහු ජනශැති අධ්‍යනයට වෙන් වූ “ඇත්නම් ( Athenaeam) “ නමැති ශාස්ත්‍රිය සටහන් හා විමසුම් ( Note and Queries ) නමින් කෘතියක් ද රචනා කළේය. ජන සම්මත පුරාවස්තු යන යෙදුම වෙනුවට ( Flok lore ) යන්න භාවිත කළ හෙතෙම ඊට පුළුල් අරුතක් ද ගෙන දුන්නේය.

    ජන කලාව ලේඛනාරූඪ නොවී කටින් කට පැවත එන කථා, රූඩි, සිරිත් විරිත්, ජන විශ්වාස, යන්ත්‍ර මන්ත්‍ර පුද පූජා ආදී දෑ එවකට (flok lore) යන්නෙන් විස්තර කෙරුණි. ජේ. තොම්සන් ජනශ්‍රැති යන වචනය 1846 දී මුල්වරට භාවිත කළත් ජනශ්‍රැති විද්‍යාව හා සම්බන්ධ තොරතුරු එක්රැස් කිරීම 19 වන සියවසේ දී  ජර්මානු ජාතික විද්‍යාඥයෙකු වූ ජේ. කොබ් ග්‍රීම්ස් හා ඔහුගේ සහෝදරයා විසින් සිදුකරන ලද බව වාර්තා වෙයි. ඔවුන් විසින් පළකරන ලද ගැමි කතන්දර සංග්‍රහ ජනශ්‍රැති එක්රැස් කිරීමේ මූලාරම්භය ලෙස ද සැලකේ.

     ජනශ්‍රැතිය පිළිබඳ හැදෑරීමේදී විවිධ විද්වතුන් විසින් එය විවිධ විවිධාකාරයෙන් වර්ගී වර්ගීකරණයකට ලක් කර ඇති ආකාරයය හඳුනා ගත හැක. ඒ අනුව කෙනත් එස් ගෝල්ස්ටයිම් පවසන පරිදි ජනශ්‍රැතිය ප්‍රධාන කොටස් තුනකි.

 

·        ජනශ්‍රැති අංගෝපාංග

·        ජනශ්‍රැති ක්‍රියාදාම

·         ජනශ්‍රැති චින්තනය

ඉහත සඳහන් වර්ගීකරණය වඩාත් විස්තර වන්නේ නම් එය පහත් පරිදි දැක්විය හැක. ජනශුතිය අංගෝපාංගයන් ට සිරිත් විරිත්, තහංචි, ඇදහිලි විශ්වාස, පිළිගැනීම් ජනප්‍රවාද, ජනකතා, ප්‍රස්ථා පිරුළු, අභිචාර විධි ජන කවි ජන ක්‍රීඩා, ජන නැටුම් අයත් වේ.

 මෙම  ජනශ්‍රැති අංගෝපාංග ජන කොට්ඨාස වල පැතිර ගිය අන්දම හොයා බැලීම ජන ක්‍රියාදාමයක් වශයෙන් නම් වේ. ඉහත සඳහන්  අංගෝපාංග පැතිර ගිය අන්දම හා ඒවා ගැන සලකා බැලීමෙන් ලබන දැනුම චින්තනය නම් විය. මේ ආකාරයට විග්‍රහ වන්නා සේම එය,

·         රටවල් වශයෙන්

·         ප්‍රදේශ වශයෙන්

·         ගම් වශයෙන්

·         කුල වශයෙන්

·         ජාති වශයෙන්

වෙනස්වීමට ලක්වන බව ප්‍රකාශිතය. උදාහරණයක් ලෙස මරණය හා සම්බන්ධ වත් පිළිවෙත් වැඩි විය සම්බන්ධයෙන් වන වත්පිළිවෙත් විවිධාකාර වූ වෙනස්කම්වලට භාජනය වන අයුරු හඳුනාගත හැකිය.


ජන කතා

       රටක අතීතය හා සංස්කෘතිය පිළිබිඹු කරන විවිධ අංග රාශියක් ඇත.   පොත පත පුරාවිද්‍යාත්මක නටඹුන්   මින් සමහරකි.   කලින් කල දැන සිටි කරුණු තහ...