ජනශ්‍රැතිය වනාහි සෑම මිනිස් ජාතියකට ම ආවේණික වූ ඒ ඒ ජාතියට අයත් ව ඇති පෞරාණික සංස්කෘතික උරුමයයි. ඒ දායාදය ජන ව්‍යවහාරයෙන් ම ලැබූ අත්දැකීම් ඇසීමෙන් එක්රැස් කරගත් දැනුම් හා භාවිතයෙන් ම අඩු වැඩි වී ඔපලත් අප ජාතික වස්තුවකි. එය ජාතික සංස්කෘතියෙහි විශේෂ ලක්ෂණයකි. මේ නිසාම ජනශ්‍රැතිය මගින් රටකි ඉතිහාසය මනාව හඳුනාගත හැකි බව ද විද්වතුන් විසින් පෙන්වා දී ඇත. මේ පිළිබඳ1853 දී පෝලන්තය හා අවට රටවල පැතිර පැවති පුරාවෘත්ත පිළිබඳව පර්යේෂණයක යෙදුනු ලී ( Lee ) නම් ඉංග්‍රීසි ලේඛකයා අදහස් දක්වා ඇත. මේ ලේඛකයා පවසන පරිදි රටක ඉපැරණි ඉතිහාසය සොයා යා හැක්කේ ඒ රටේ පවතින ජනකතා හා පෞරාණික කෘතීන් ඔස්සේ වන බවයි .
“ It is only through dismits of fable and legend that early history of a county is traceable “ (1990, 25 )
ජනශ්‍රැතිය
පොදු
ජනයා
විසින්
නිපදවූ
වුවද
ඔවුන්
කෙරෙහි
බලපාන
සංස්කෘතිකක
අංගයකි. එය පොදු ජනයාගේ විශ්වකෝෂය ට සමාන කළ හැකිය. එය ලිඛිත යුගයට පෙර මිනිසා සම්මත කළ හා ව්‍යවහාර කළ කරුණු අඩංගු ආචාරධර්ම සංග්‍රහයකි. ගැමි ජීවිතය ශික්ෂණය කළ සදාචාර පද්ධතියට ඇතුලත් නොවූ දර්ශනයක්, චින්තනයක්, ආකල්පයක් ගැන සිතිය නොහැක. වැනි කරුණු ඉතාමත් සියුම් ලෙස ග්‍රාමීය පරිසරයට ගැළපෙන පරිදි සකස් වී තිබේ. එබැවින් ගැඹුරු ගාම්භීර
දර්ශන හා
චින්තන
මෙහි
නොමැත. (
අමරදාස, 1989 )
ජන කලාව ලේඛනාරූඪ නොවී කටින් කට පැවත එන කථා, රූඩි,
සිරිත් විරිත්, ජන විශ්වාස, යන්ත්‍ර මන්ත්‍ර පුද පූජා ආදී දෑ එවකට (flok lore) යන්නෙන් විස්තර කෙරුණි.
ජේ. තොම්සන් ජනශ්‍රැති යන වචනය 1846 දී මුල්වරට භාවිත කළත් ජනශ්‍රැති විද්‍යාව හා
සම්බන්ධ තොරතුරු එක්රැස් කිරීම 19 වන සියවසේ දී
ජර්මානු ජාතික විද්‍යාඥයෙකු වූ ජේ. කොබ් ග්‍රීම්ස් හා ඔහුගේ සහෝදරයා විසින්
සිදුකරන ලද බව වාර්තා වෙයි. ඔවුන් විසින් පළකරන ලද ගැමි කතන්දර සංග්‍රහ ජනශ්‍රැති
එක්රැස් කිරීමේ මූලාරම්භය ලෙස ද සැලකේ.
· ජනශ්‍රැති
අංගෝපාංග
· ජනශ්‍රැති
ක්‍රියාදාම
· ජනශ්‍රැති
චින්තනය
ඉහත සඳහන් වර්ගීකරණය වඩාත් විස්තර
වන්නේ නම් එය පහත් පරිදි දැක්විය හැක. ජනශුතිය අංගෝපාංගයන් ට සිරිත් විරිත්, තහංචි,
ඇදහිලි විශ්වාස, පිළිගැනීම් ජනප්‍රවාද, ජනකතා, ප්‍රස්ථා පිරුළු, අභිචාර විධි ජන කවි ජන ක්‍රීඩා,
ජන නැටුම් අයත් වේ.
මෙම ජනශ්‍රැති අංගෝපාංග ජන කොට්ඨාස වල පැතිර ගිය අන්දම හොයා බැලීම ජන
ක්‍රියාදාමයක් වශයෙන් නම් වේ. ඉහත සඳහන් අංගෝපාංග පැතිර ගිය අන්දම හා ඒවා ගැන සලකා බැලීමෙන්
ලබන දැනුම චින්තනය නම් විය. මේ ආකාරයට විග්‍රහ වන්නා සේම එය,
·
රටවල් වශයෙන්
·
ප්‍රදේශ වශයෙන්
·
ගම් වශයෙන්
·
කුල වශයෙන්
·
ජාති වශයෙන්
වෙනස්වීමට ලක්වන බව ප්‍රකාශිතය. උදාහරණයක් ලෙස මරණය හා සම්බන්ධ වත් පිළිවෙත් වැඩි විය
සම්බන්ධයෙන් වන වත්පිළිවෙත් විවිධාකාර වූ වෙනස්කම්වලට භාජනය වන අයුරු හඳුනාගත හැකිය.

No comments:
Post a Comment